නිවස ඉදිකිරීමට ප්‍රතම මේ ගැන සිතුවාද??

01.නිවසේ සැලැස්ම,




ඔබේ සිතේ ඇති සිහින නිවස, ඔබගේ ඇතේ ඇති මුදලට ඉදිකර අවසන් කර ගත යුතුයි නේද... ඔබ මුලින්ම කල යුත්තේ සැලසුම් ශිල්පියෙක් හමුවීමයි. ඔබගේ සිතේ ඇති නිවහන ඔහුට පවසා ඔබට කැමති ආකාරයකට සැලසුම් ශිල්පියා ලවා සැළසුම ඇද ගැනීම කල යුතුය.

සැ.යු.

ඔබ දැඩිව ඔබගේ මතයේ පමණක් නොසිට සැලසුම් ශිල්පියා සමග සාකාච්චා කිරීම කල යුතුය. මන්ද ඔබට වඩා ඔහු ඒ ගැන දැනීමක් ඇති පුද්ගලයෙකු නිසාවෙනි..



02.ඔබගේ අතේ ඇති මුදලට සරිලන සැලසුමක්,


මෙය තමයි බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වන කාරණය.. මන්ද ඔවුන් ඉඩම අවට ඇති නිවාස වලට, එහෙමත් නැත්තම් තම නෑසිය හිත මිතුරන්ගෙ නිවාස වලට වඩා විශාලව තම නිවස ඉදිකිරීමට තමයි බලාපොරොත්තු වෙන්නෙ...

නමුත් එම තීරණය සම්පූර්ණයෙන් වැරදි වැටහීමක්. මන්ද තමන් දැන ගත යුතුයි තමන් සතු වත්කම් කොපමණද කියා... එසේ නොසිතා තමන්ට දරා ගැනීමට අපහසු මුදලක නිවසක් තැනීමේදී එම නිවස අඩක් ඉදිකිරීමේදී තම අත ඇති මුදල් ඉවර වේ...

එම නිසා සැලසුම් ශිල්පියා හා ප්‍රමාණ සමීක්ශක හා සාකච්චා කොට තමන්ට ගැලපෙන, අතේ ඇති මුදලට සරිලන තම සිහින නිවසේ සැලැස්ම ඇද ගත හැක...


03.ඉඩමට ගැලපෙන නිවසක්,




මෙයත් ඉතාම වැදගත් සහ බහුතරයක් නොකරන වැඩක්. තම ඉඩම පිහිටි ස්ථානය, සුළන් හමන දිශාව, කන්ද, බෑවුම තියෙන පැත්ත, අලංකාර පැත්තක් සහිත දිශාව, වැනි කාරණා සලකා බැලිය යුතුය. එසේ නොකර ඉදිකර නිවාසවල හුලගට වලහ ගැලවිල යනව, එහෙම නැත්තම් අලංකාර ප්‍රදේශය වැසෙන ආකාරයට නිවස ඉදිකිරීම වැනි බාදක මග අරවා ගැනීමටනම් සැලසුම් ශිල්පියා හා ගෘහ නිර්මාණ ශිල්පියෙක් සමග තම ඉඩමට ගොස් ඔවුන් සමග සාකච්චා කර සැලසුම නිර්මාණය කර ගන්න

0 comments: