ඉඩමක මිලදී ගැනීමට ප්‍රතම මේ ගැනත් බැලුවාද.....??
අපි මුලින්ම බලමු ඉඩමක් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියල...
01. තමන්ගෙ අතේ ඇති මුදලට ඉඩමක්...
ඔබගේ සිහින නිවහන ඉදිකිරීමට ඔබ මුලින්ම කල යුත්තේ ඉඩමක් මිලදී ගැනීමයි... ඒ සදහා ඔබ දාඩිය මහන්සියෙන්, නොකා නොබී ඉතුරු කල ඒ මුදලින්, ඒ මුදලට සරිලන ඉඩමක් මිලදී ගැනීම තමා කළ යුතු වැදගත්ම දේ. ඔබ මුලින්ම පත්තරක් හෝ අන්තර්ජාලයේ හෝ වෙනත් ආකාරයකින් ඔබ කැමති ප්‍රදේශයක, ස්ථානයක ඔබගේ අතේ ඇති මුදලට සරිලන ඉඩම් කිහිපයක් ලකුණු කර ගැනීම කල යුතුය... ඔබ එක දවසක් ඒ සදහාම වෙන් කර ගැනීම කල යුතුය... ඔබ ලබාගත් තොරතුරු මත ඔබ එම ඉඩම් බැලීමට ඔබ හා ඉඩම් ගැන දන්නා කෙනෙකු යා යුතුය..
ඉඩමට ගියාම මේ ගැන බලන්න...
02. ඉඩමේ ඇති ගස් (විශාල) මොනවාද, එම ගස් පිහිටි ස්ථාන
හිස් ඉඩමක් නම් බලන්න මොනවද ඉඩමේ තියෙන ගස් කියල.සමහර ලොකු ලස්සන ගස් තියෙනව හරියටම ඉඩම මැද. කිසිම වැඩකට නැති ඉඩමක්... ඒ කියන්නෙ ඒක යා දෙන්නෙ නෑ කියන එක... "ඔබට මම කියන්නෙ ලොකු ගසක්, වටේ ප්‍රමාණය අඩි 3 ක් පමණ වන" යා දෙන්නෙ නැත්තෙ ඒ ගස කැපුවොත් පමණයි.. සමහර නිවාස සැලසුම් කරනවා ඒ වගේ ගස් වට කරල ගේ හදල.. එක අතකින් ඒක ලස්සණයි, තවත් අතකින් වියදම ඉහලයි, එය තීරණය කරන්න ඕන ඔබ.
.............................
සමහර ඉඩම් නම් ඩෝසර් දාල සුද්ද කරල තියෙන ඉඩම්... මම නම් කියන්නෙ ඒව ගන්න එපා කියල... මොකද ඒව සමහර වෙලාවට මොනවහරි පොලව යට වහල දාපුව...ඒ කියන්නෙ ලොකු ගලක්... එහෙමත් නැත්තම් වගුරු බිමක්.. ඒ ත් නැත්තම් මිනී පිට්ටෙනියක්, එහෙමත් නැත්තම් ලොකු වලක් වගේ දේවල් වහන්න කරපු දෙයක් තමා ඔය ඉඩම සුද්ද කරල තියෙනව කියන්නෙ... ඒ දැන පොඩ්ඩක් වටපිටාවෙන් අහල දැන ගන්න.
03. පසේ තත්වය...
මේක තමයි වැදගත්ම කාරණය.. බලන්න පස කොහොමද කියල.. මැටි පසක්ද, කබොක් පසක්ද, වැලි පසක්ද, ජලය රැදී තියෙන පසක්ද කියල බලන්න... ඉඩමේ අයිතිකරුගෙන් ගල් ඉන්නක් (ඇලවංගුවක්) අරගෙන ටිකක් යටට වෙන්න හාරල බලන්න.. මොන වගේ පසක්ද තියෙන්නෙ කියල... එහෙමත් නැත්තම් වට පිටාවෙ තියෙන ගෙවල් වලට ගිහිල්ල බලන්න ඒ ගෙවල් වල බිත්ති වල ඉරි තැලීම් එහෙම තියෙනවද කියල... ඊට පස්සෙ අහන්න මේ ලගක ගල් කොරියක් තියෙනවද කියල.. මොකද සමහර අවස්තාවලදී ගල් කඩන විට ඒ අවට නිවාස වල බිත්ති ඉරි තැලීමට භාජනය වේ.
04. අවට ප්‍රදේශය
0 comments: